පැසිෆික් කලාපය හරහා හමා යන ‘භාවි’ (Bavi) සුළි කුණාටුවේ බලපෑමෙන් පිලිපීනයේ ඇති වූ නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 15 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
මෙම ප්‍රබල සුළි කුණාටුව හේතුවෙන් මේ වන විට තායිවානය, ජපානය සහ උතුරු මරියානා දූපත් ඇතුළු රටවල් රැසක ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ. ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින ‘භාවි’ කුණාටුව, ඉදිරි දිනවලදී මිලියන 10ක ජනතාවක් වෙසෙන නැගෙනහිර චීනයේ වෙන්ෂෝ (Wenzhou) නගරය වෙත ළඟා වනු ඇතැයි කාලගුණ අනාවැකි පවසයි. ඒ හේතුවෙන් එම ප්‍රදේශයන් සඳහා අධික වර්ෂාපතනය සහ ගංවතුර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මේ අතර, මීට පෙර චීනයට සහ තායිවානයට බලපෑ ‘මේසැක්’ (Maysak) කුණාටුව නිසා ඇති වූ ජලගැලීම් තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අඛණ්ඩව පැමිණෙන මෙම කුණාටු තත්ත්වයන් හේතුවෙන් ආසියානු කලාපයේ බොහෝ ප්‍රදේශවල ජනතාව අවදානමකට ලක්ව සිටිති.















