නිදොස් කොට නිදහස් කෙරේ
කාන්තාවක අපයෝජනයට ලක් කළ බවට එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයට ලක්වූ බ්‍රිතාන්‍ය ජාතික නළු මයිකල් වෝඩ්, සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ලන්ඩනයේ ස්නෙයාර්ස්බෘක් ක්‍රවුන් අධිකරණය තීරණය කර ඇත.
28 හැවිරිදි මෙම නළුවාට එරෙහිව ස්ත්‍රී දූෂණ චෝදනා දෙකක් සහ ලිංගික අතවර කිරීමේ චෝදනා තුනක් එල්ල වී තිබිණි. කෙසේ වෙතත්, ජූරි සභාව විසින් ඔහු එම සියලු චෝදනාවලින් නිදොස් කරනු ලැබීය.
සිද්ධියට අදාළව නඩු විභාගයේදී අනාවරණය වූයේ 2023 ජනවාරි 2 වැනිදා නැගෙනහිර ලන්ඩන් රාත්‍රී සමාජ ශාලාවකදී මයිකල් වෝඩ් හමුවූ කාන්තාවක්, පසුව මෝටර් රථයක් තුළදී ඔහු තමන්ව අපයෝජනය කළ බවට චෝදනා කර තිබූ බවයි. තමන්ට එතැනින් පිටව යාමට අවශ්‍ය බව ඇය කිසිවිටෙකත් ප්‍රකාශ නොකළ බවත්, ඔවුන් අතර සිදු වූ සියල්ල දෙපාර්ශවයේම කැමැත්ත මත සිදු වූ බවත් මයිකල් වෝඩ් අධිකරණය හමුවේ නැවත නැවතත් අවධාරණය කළේය.
2020 වසරේ ‘Bafta Rising Star’ සම්මානයෙන් පිදුම් ලැබූ මයිකල් වෝඩ්, ‘Small Axe’ සහ ‘Empire of Light’ වැනි ජනප්‍රිය චිත්‍රපට ඔස්සේ ප්‍රසිද්ධියට පත් වූ කලාකරුවෙකි.
















