චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා තුන් පිම්ම ඉසව්වෙන් මීටර් 13.25ක දක්ෂතාවක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට නෙත්මිකා මධුෂානි හේරත් සමත් වූවාය. අද (12) පැවති මෙම තරගයේදී ඇය දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් ශ්‍රී ලංකාව මෙවර ශූරතාවලියේදී තවදුරටත් තම පදක්කම් සටහන ඉහළ නංවා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මෙවර ආසියානු වයස 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් කිහිපයක් දිනා ගැනීමට සමත්ව ඇත.
















