කුමන ජාතික වනෝද්‍යානය හරහා කතරගම බලා පාද චාරිකාවේ යෙදෙමින් සිටි 55 හැවිරිදි බැතිමතෙකු හදිසියේ රෝගී වීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පානම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. මොහු පසුගිය 07 වනදා තවත් බැතිමතුන් කණ්ඩායමක් සමඟ කල්මුණේ ප්‍රදේශයෙන් පාද චාරිකාව ආරම්භ කර තිබුණි.
මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 15 වනදා ආරම්භ වී ජූලි 29 වන දින දක්වා පැවැත්වීමට නියමිතය.
















