රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුළු වී මී වදයක් විනාශ කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය සිකුරාදා (10) දිනයේදීය. අවසරයකින් තොරව දැඩි ස්වභාවික රක්ෂිතයකට ඇතුළු වීම සහ වනජීවී වාසස්ථානවලට හානි කිරීම යන චෝදනා යටතේ සැකකරු ලබන 16 වනදා කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
















