එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත හිටපු සුපිරි ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලය (ECB) පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත්, මැකලම් එංගලන්ත පිරිමි සීමිත පන්දුවාර (white-ball) කණ්ඩායම්හි ප්‍රධාන පුහුණුකරු ලෙස තවදුරටත් කටයුතු කරනු ඇත. මෙම තීරණයත් සමඟ මෑත කාලීනව ලෝක ක්‍රිකට් පිටියේ දැඩි කතාබහකට ලක්වූ, ආක්‍රමණශීලී ටෙස්ට් ක්‍රිකට් රටාව හෙවත් “බැස්බෝල්” (Bazball) ක්‍රමවේදයේ අවසානය සනිටුහන් වී ඇති බව ක්‍රිකට් විචාරකයෝ පවසති.
මීට සති දෙකකට පෙර එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් හදිසියේම ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ සිදු වූ දෙවන ප්‍රබලතම වෙනස්කම මෙයයි. වසර හතරක කාලයක් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ මැකලම් යටතේ එංගලන්තය ක්‍රීඩා කළ ටෙස්ට් තරග 44න් 25ක්ම ජයග්‍රහණය කිරීමට සමත් විය.
















