කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයෙකු වන ෂේක් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.
ෂේක් හමාඩ්ගේ අභාවය පිළිබඳ පුවත අසන්නට ලැබීම තමන් දැඩි කම්පනයට පත් කළ බව පවසන අමාත්‍යවරයා, ඔහු කටාර් ජනතාව මෙන්ම එරට සේවය කරන සහ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අතරද ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ නායකයෙකු බව සඳහන් කළේය.
කටාර් රාජ්‍යයේ සංවර්ධනය වෙනුවෙන් ඔහු දැක්වූ පරිවර්තනීය නායකත්වය සහ ශ්‍රී ලංකාව හා කටාර් රාජ්‍යය අතර සබඳතා ශක්තිමත් කිරීමට ඔහු දැක්වූ දායකත්වය සැමවිටම සිහිපත් වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. විදේශ අමාත්‍යවරයා සිය හෘදයාංගම ශෝකය කටාර් අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය ෂේක් මොහොමඩ් බින් අබ්දුල්රහමාන් අල් තානි වෙතත්, කටාර් රජය සහ ජනතාව වෙතත් පිරිනමයි.















