මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම හේතුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ගේ අධිකරණ කටයුතු අද (13) සිට මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ සිදු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මීගමුව බන්ධනාගාරයේ පසුගිය සතියේ සිදුවූ මාරාන්තික ගැටුමට පෙර රැඳවියන් 2,400ක් පමණ රඳවා සිටි අතර, ගැටුමෙන් පසු බහුතරයක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත. මේ වන විට එම බන්ධනාගාරයේ රඳවා සිටිනුයේ රැඳවියන් 600ක් පමණක් වන අතර, ඉදිරි දිනවලදී ඔවුන් ද වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දැනට බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් සඳහා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හමුවීමට දැනට අවසර නොමැති බව ද බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ මෙම අවාසනාවන්ත ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් අටදෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 100කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
















