නීති විරෝධී ලෙස ළඟ තබාගෙන සිටි දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2026 ජූලි 12 දින කොටුව පොලිස් වසමේ ගාලුමුවදොර ප්රදේශයේදී ලද රහසිගත තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී නීති විරෝධී දුම්වැටි 3000ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 37 හැවිරිදි චීන ජාතිකයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















