ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගිලි කනදරාගම පදිංචි පංචගේ කලුමැණිකේ මහත්මිය සිය 114 වන වියේදී අභාවප්‍රාප්ත වී තිබේ.
1912 වසරේ ජූලි 4 වන දින උපත ලද ඇය මිය යන විට 114 වන වියේ පසු විය. මෑතකදී ඇද වැටීමක් හේතුවෙන් සැත්කමකට ලක් වූ ඇය, මාස දෙකක් පමණ ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අභාවප්‍රාප්ත වූවාය. දරුවන් 12 දෙනෙකුගේ මවක වූ ඇය, මුණුබුරු මිණිබිරියන් සහ මී මුණුබුරු මිණිබිරියන් 325 දෙනෙකුගෙන් යුත් විශාල පවුල් පරම්පරාවක උරුමක්කාරියක වූවාය.
















