මොරගහහේන පොලිස් වසමේ හොරණ – මීපේ මාර්ගයේ මීල්ලෑව ප්‍රදේශයේදී ඊයේ (12) අලුයම සිදුවූ රිය අනතුරකින් 29 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මීපේ දෙසට ධාවනය වූ යතුරුපැදියක වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.
මියගිය තරුණයා මීල්ලෑව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙකි. මොරගහහේන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
















