කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා සහ නවීන කටාර් රාජ්‍යයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ අභාවය වෙනුවෙන් ඉන්දීය රජය අද (13) දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ශෝක දිනය වෙනුවෙන් ඉන්දියාව පුරා ජාතික ධජය ඔසවනු ලබන සියලුම රාජ්‍ය ගොඩනැගිලිවල ධජය අඩකුඹු කර තබන ලෙස ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත. එමෙන්ම, අද දිනට සැලසුම් කර තිබූ සියලුම නිල උත්සව සහ විනෝදාස්වාද වැඩසටහන් අවලංගු කිරීමට ද පියවර ගෙන ඇත.
ෂෙයික් හමාඩ්ගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පළ කරමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කර සිටියේ, ඔහු කටාර් රාජ්‍යය ඉහළ සංවර්ධනයක් සහ සමෘද්ධියක් කරා මෙහෙයවූ දූරදර්ශී නායකයෙකු බවයි. “2024 පෙබරවාරි මාසයේදී මට ඔහුව හමුවීමට ලැබීම ගෞරවයක්. අපි ඔහුව සැබෑ මිතුරෙකු ලෙස සැමදා සිහිපත් කරනු ඇති,” යනුවෙන් අග්‍රාමාත්‍යවරයා සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබේ.
















