නීති විරෝධී ලෙස රිපීටර් වර්ගයේ ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාව ජූලි 24 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
ගාල්ල අපරාධ කොට්ඨාශය විසින් පසුගිය 11 වැනි දින සැකකාර මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගනු ලැබීය. අද (13) දිනයේදී ඔහුව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බලපිටිය මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය විසින් මෙම නියෝගය ලබා දුන්නාය.
















