ඉන්දියාවෙන් වාර්තා වන පුවතකට අනුව, පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳක් තම සැමියාට ජංගම දුරකථනයකින් පහර දීම නිසා සැමියා අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.
අඹුසැමි යුවළ අතර නිවසේදී ඇති වූ දරුණු බහින්බස්වීමකදී කෝපයට පත් බිරිඳ විසින් සැමියාගේ හිසට ජංගම දුරකථනයෙන් පහර දී ඇත. ඉන් බරපතල තුවාල ලැබූ සැමියා රෝහල් ගත කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුව නිවසට යවා තිබේ.
කෙසේ වෙතත්, නිවසට පැමිණි පසු සැමියාගේ සෞඛ්‍ය තත්ත්වය යළිත් හදිසියේම නරක අතට හැරී ඇති අතර, පවුලේ සාමාජිකයන් ඔහුව නැවත රෝහල් ගත කළද වෛද්‍යවරුන්ගේ උත්සාහය ව්‍යර්ථ කරමින් ඔහු මියගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
පවුල් ආරවුල්වල බරපතල ප්‍රතිවිපාක පිළිබඳව සමාජයේ දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් ලෙස මෙය වාර්තා වේ.














