ඉන්දියාවේ කරෙයිකාල් (Karaikal) වරායේ සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරය (KKS) සහ ත්‍රිකුණාමලය දක්වා දිවෙන නව බහාලුම් භාණ්ඩ ප්‍රවාහන සේවා (Container Cargo Ferry Service) 2026 අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
චෙන්නායි හි පිහිටි ‘Connect Maritime LLP’ සමාගම සහ එහි මෙරට නියෝජිත ‘IndSri Ferry Services Lanka Pvt. Ltd’ ආයතනය එක්ව මෙම සේවාව මෙහෙයවනු ලබයි.
ඒ අනුව 2023 වසරේ නිෂ්පාදිත, බහාලුම් 81ක් (81 TEUs) රැගෙන යා හැකි ‘M/V Beypore Sultan’ නමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ සඳහා යොදා ගැනීමට නියමිත අතර එය සතියකට වරක් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට නියමිතය. මෙමඟින් දකුණු ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර පළාත් අතර වෙළඳ සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙහි පළමු ගමන් වාරය සැප්තැම්බර් 01 වැනිදා ආරම්භ කිරීමට තාවකාලිකව සැලසුම් කර ඇති අතර, එක් බහාලුමක් සඳහා ගාස්තුව ඩොලර් 650 ත් 675 ත් අතර වනු ඇතැයි සමාගම පවසයි.















