න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් ඉහළින්ම සුරැකීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටින බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය, මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා ප්‍රකාශ කරයි.
ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) සහයෝගීතාව ඇතිව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) විසින් සංවිධානය කරන ලද “න්‍යෂ්ටික වෝහාරික විද්‍යාව පිළිබඳ කලාපීය පුහුණු පාඨමාලාව” (Regional Training Course on Basic Introduction to Nuclear Forensics) ආරම්භ කිරීමේ අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
න්‍යෂ්ටික සහ විකිරණශීලී ද්‍රව්‍ය අනිසි ලෙස හෝ ද්වේෂසහගත ලෙස භාවිත කිරීමේ ගෝලීය අවදානමක් පවතින වර්තමාන ලෝකය තුළ, න්‍යෂ්ටික වෝහාරික විද්‍යාව (Nuclear Forensics) ඉතා වැදගත් වන බවත්, මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීමට සහ නීතිය බලාත්මක කරන ආයතනවලට සහාය වීමට මෙම තාක්ෂණික දැනුම අත්‍යවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. ශක්තිමත් නියාමන රාමුවක් සහ තාක්ෂණික නිපුනතාවය ජාතික ආරක්ෂාවේ මූලික පදනම බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය. ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂණ තිරසාර සැලැස්ම (INSSP) ක්‍රියාත්මක කිරීමේ පියවරක් ලෙස කොළඹදී ආරම්භ වූ මෙම විශේෂ පුහුණු වැඩසටහන ජූලි 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.















