මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඉන් එක් නිලධාරියෙකු ඊයේ (13) රාත්‍රියේදීත්, අනෙක් නිලධාරියා අද (14) අලුයමත් මියගිය බවයි. ඔවුන් දෙදෙනාම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයට (EORU) අනියුක්තව රාජකාරී කළ බන්ධනාගාර නියාමකයින් වේ.
මෙම මරණත් සමඟ මීගමුව බන්ධනාගාර ගැටුමෙන් ජීවිතක්ෂයට පත් වූ සමස්ත නිලධාරීන් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත. අදාළ ගැටුමෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 21 කි.












