ඇඹිලිපිටිය, කිරලවැල්කඩුව ප්රදේශයේ නිවසක අද (14) උදෑසන සිදුවූ දරුණු ඝාතනයකින් තම මව්පියන් දෙදෙනාම පුතෙකු අතින්ම ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඛේදවාචකය සිදුව ඇති බව පොලිස් මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඝාතනයට ලක්ව ඇත්තේ 58 හැවිරිදි පියෙකු සහ 54 හැවිරිදි මවකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම යුවළගේම 26 හැවිරිදි පුත්රයාය. පවුල් ආරවුලක් මත සිදුවූ මෙම ම්ලේච්ඡ ක්රියාව සම්බන්ධයෙන් ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
















