පාකිස්තාන සුපිරි වේගපන්දු යවන ක්රීඩක ශහීන් ෂා අෆ්රිඩි, මෙවර පැවැත්වෙන ලංකා ප්රිමියර් ලීග් (LPL) ක්රිකට් තරගාවලියට එක්වීමට නියමිතව තිබේ. ඔහු LPL තරගාවලියකට ක්රීඩා කරන පළමු අවස්ථාව මෙය වන අතර, ඒ සඳහා පාකිස්තාන ක්රිකට් පාලක මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
මෙවර තරගාවලියේදී ශහීන් ෂා අෆ්රිඩි ‘කැන්ඩි රෝයල්ස්’ කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතය. එළැඹෙන ජූලි 17 වැනිදා ආරම්භ වී අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ඔහුගේ සහභාගීත්වය ප්රේක්ෂකයින් අතර දැඩි කතාබහට ලක්ව ඇත.














