සේවක භාර අරමුදල් (ETF) මණ්ඩලය විසින් සිය ක්‍රියාකාරී සාමාජිකයින්ගේ අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් සඳහා රුපියල් 50,000ක් දක්වා මූල්‍යාධාර ලබා දෙන “නිපුණතා සවිය” ප්‍රතිලාභ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර තිබේ.
මෙම මූල්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා කරන සාමාජිකයින්, අදාළ අයදුම්පත් නියමිත දිනට පෙර සම්පූර්ණ කර ETF මණ්ඩලය වෙත යොමු කළ යුතු බව නිවේදනය කර ඇත. සුදුසුකම් සපුරාලූ සාමාජිකයින්ට මෙම ප්‍රතිලාභය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව උදා වී ඇති අතර, වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසන් දින පිළිබඳව ETF මණ්ඩලයේ නිල වෙබ් අඩවියෙන් හෝ ළඟම ඇති ප්‍රාදේශීය කාර්යාලයෙන් විමසා දැනගත හැක.














