ජූලි 21 සිට 24 දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය නිවේදනය කළාය. පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.
පාර්ලිමේන්තු සතියේ ජූලි 21 අඟහරුවාදා දිනයේදී විදේශ රැකියාවල නියුතු ශ්රී ලාංකිකයන් සඳහා විද්යුත් වාහන ආනයන බලපත්ර ලබාදීමේ ක්රියාවලිය සම්බන්ධ COPA වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම සහ COPE විමර්ශනවල කරුණු අල්ලස් කොමිසම වෙත යොමු කිරීම පිළිබඳ විශේෂ යෝජනා දෙකක් විවාද කෙරේ. එදින පස්වරුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනේ. ජූලි 22 බදාදා දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න 50ක් සඳහා වැඩි කාලයක් වෙන් කර ඇත.
ජූලි 23 බ්රහස්පතින්දා දිනයේදී ආනයන හා අපනයන පාලන පනත යටතේ නිකුත් කළ ගැසට් රෙගුලාසි දෙකක් අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර පසුව ආණ්ඩු පක්ෂයේ සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනේ. ජූලි 24 සිකුරාදා දිනයේදී පෞද්ගලික මන්ත්රී යෝජනා විවාදයට ගැනෙන අතර දිනය අවසානයේ විපක්ෂය විසින් ගෙනෙන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය.














