වත්මන් නීතිමය රාමුව තුළ ග්‍රෑම් 2කට වැඩි මත්ද්‍රව්‍ය නඩුවල ඇප ලබාදීමේ බලය මහාධිකරණයෙන් ඉවත් කර අභියාචනාධිකරණයට පැවරීම බන්ධනාගාර තදබදයට බලපා ඇති ප්‍රධානතම සාධකයකි.
මෙම ක්‍රියාවලිය බන්ධනාගාර තදබදයට බලපාන ආකාරය පිළිබඳව කරුණු කිහිපයක් පවතී. මහාධිකරණයේ පැවති ඇප ලබාගැනීමේ බලය අභියාචනාධිකරණයට පැවරීම හේතුවෙන්, සැකකරුවන්ට ඇප ලබාගැනීමේ ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ සහ කාලය ගතවන කටයුත්තක් බවට පත්ව තිබේ. දිවයිනේ නන්දෙසින් සිටින සැකකරුවන්ට ඇප ලබාගැනීම සඳහා කොළඹ පිහිටි අභියාචනාධිකරණයට පැමිණීමට සිදුවීම ඔවුන්ට දැරිය නොහැකි මූල්‍යමය සහ නෛතික බරක් වී ඇත. නීතිමය ක්‍රියා පටිපාටිවල ඇති මෙම ප්‍රමාදයන් සහ රසපරීක්ෂක වාර්තා ලබාගැනීමේ මන්දගාමීත්වය හේතුවෙන්, සුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ළඟ තබාගන්නා සැකකරුවන් පවා දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුව තිබේ.
මෙම තත්ත්වය බන්ධනාගාර තුළ අනවශ්‍ය තදබදයක් නිර්මාණය කර ඇති අතර, එය බරපතල මානුෂීය අර්බුදයකට ද මඟ පාදා ඇත.















