ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපති Dewi Gustina Tobing මහත්මිය සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 2027 වසරේදී දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සව ඇතුළු ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
සංචාරක ක්ෂේත්රය ඔස්සේ ජනතා සම්බන්ධතා වර්ධනය කර ගැනීම සහ සංස්කෘතික හුවමාරු පුළුල් කිරීමේ වැදගත්කම දෙපාර්ශවයම අවධාරණය කළහ. ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් තානාපතිනිය සඳහන් කළේ, මෙරට රෙදිපිළි හා ඖෂධ නිෂ්පාදන ක්ෂේත්රයන්හි සහයෝගීතාව වැඩි දියුණු කිරීමට ඉන්දුනීසියාව විශේෂ උනන්දුවක් දක්වන බවයි.
එසේම, කෘෂිකාර්මික ක්ෂේත්රයේ දැනුම සහ විශේෂඥතාව හුවමාරු කරගැනීම තුළින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව පවතින බව මෙහිදී සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














