‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව 28,000 සිට 42,000 දක්වා සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මෙම තත්ත්වය බන්ධනාගාර පද්ධතියට දැඩි පීඩනයක් එල්ල කර ඇති අතර, ඊට විසඳුම් ලෙස බන්ධනාගාර ධාරිතාව පුළුල් කිරීමට රජය කඩිනම් පියවර ගනිමින් සිටී.
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, වරදකරුවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අවධාරණය කළේය. බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා පල්ලෙකැලේ සහ පල්ලන්සේන වැනි ස්ථානවල නව ඉදිකිරීම් සිදු කර ඇති අතර, 2026-2029 කාලසීමාව තුළ පල්ලෙකැලේ, වටරැක, කළුතර, කුරුවිට සහ මාතර යන ප්‍රදේශවල නව බන්ධනාගාර සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.














