නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 5,575ක් සමඟ සැකකරුවෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ගෝඨාභය ආයතනයට ලැබුණු බුද්ධි තොරතුරක් මත, ඊයේ (14) මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක විය. අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු සහ අත්අඩංගුවට ගත් මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.














