TikTok සමාගම විසින් 2026 වසරේ පළමු කාර්තුවට (ජනවාරි සිට මාර්තු දක්වා) අදාළ ප්‍රජා මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ වාර්තාව නිකුත් කර තිබේ. තම වේදිකාව පරිශීලකයන් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් ලෙස පවත්වාගෙන යාමේ අඛණ්ඩ කැපවීම ප්‍රදර්ශනය කරමින් මෙම වාර්තාව නිකුත් කර ඇත.
වාර්තාවට අනුව නීති උල්ලංඝනය කරන අන්තර්ගතයන් පරිශීලකයන් වාර්තා කිරීමට පෙරම හඳුනාගෙන ඉවත් කිරීමේ ප්‍රතිශතය 99.3%ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් 94.4%ක් අප්ලෝඩ් කර පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට TikTok සමත්වී තිබේ.
ඉවත් කරන ලද බහුතරයක් වීඩියෝ මිනිස් මැදිහත්වීමකින් තොරව AI පද්ධති මගින් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඇත. කෙසේ වෙතත්, නැවත පරීක්ෂා කිරීමෙන් පසු වැරදීමකින් ඉවත් වූ වීඩියෝ මිලියන 8කට වැඩි ප්‍රමාණයක් යළි වේදිකාවට එක් කිරීමට කටයුතු කර ඇත.
අනිසි සහ අපහාසාත්මක අදහස් දැක්වීම් පද්ධතියෙන් ඉවත් කිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර, මෙම කාර්තුව තුළ සමස්ත අදහස් දැක්වීම් 237,517,128ක් ඉවත් කර තිබේ. ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් ව්‍යාජ ගිණුම් 86,288,705ක් සහ වයස අවුරුදු 13ට අඩු දරුවන්ට අයත් යැයි සැක කෙරෙන ගිණුම් 25,764,372ක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
ඉවත් කරන ලද වීඩියෝවලින් 18.6%ක් සංවේදී හෝ වැඩිහිටියන්ට පමණක් සුදුසු තේමාවන් ද, 16.5%ක් අනතුරුදායක ක්‍රියාකාරකම් ද අඩංගු වූ ඒවා වේ. TikTok සිය විනිවිදභාවය තහවුරු කිරීම සඳහා මෙම වාර්තා නිකුත් කරන අතර, සවිස්තරාත්මක තොරතුරු සඳහා ඔවුන්ගේ නිල Transparency Centre වෙබ් අඩවියට පිවිසිය හැකි බව සමාගම වැඩිදුරටත් දැනුම් දෙයි.
















