කිරිදිවැල – හංවැල්ල මාර්ගයේ ගිරිදර මංසන්දිය අසලදී පාර මාරු වෙමින් සිටි කාන්තාවක් බවුසර් රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව මුලින්ම දොම්පෙ රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇතත්, ඇය එහිදී ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම අනතුර සිදුවන අවස්ථාව අසල වෙළෙඳ සැලක සවිකර තිබූ CCTV කැමරාවක පටිගත වී තිබුණි.
















