අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ට, විභාගය සඳහා අවශ්‍ය තොරතුරු සහතික කිරීමේ පත්‍රිකාව (Identity Confirmation Certificate) ලබා ගැනීම සඳහා පහසුකම් සලසා ඇත.
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජගත් හේරත් මහතා ප්‍රකාශ කළේ, අදාළ පත්‍රිකාව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් පහසුවෙන් බාගත කර ගැනීමට සිසුන්ට හැකියාව ඇති බවයි. විභාගය සඳහා හැඳුනුම්පත නොමැති සිසුන් සඳහා මෙම සේවාව මහඟු පිටුවහලක් වනු ඇත.
















