වවුනියාව – බෝගස්වැව (B442) මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අද (15) සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි. යුද සමයේ සිට අබලන්ව පැවති කිලෝමීටර් 48ක් දිගු මෙම මාර්ගය සංවර්ධනය කිරීම මගින් ප්‍රදේශයේ ගමනාගමන සහ ආර්ථික ගැටලු රැසකට විසඳුම් ලැබෙනු ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වෙලිකුලම මංසන්ධියේ සිට මාමඩුව දක්වා කිලෝමීටර් 8ක දුරක් කාපට් අතුරා සංවර්ධනය කෙරේ. ඒ සඳහා රුපියල් මිලියන 529ක මුදලක් වෙන් කර ඇති අතර, මාස 18ක් ඇතුළත එය අවසන් කිරීමට අපේක්ෂිතය.
ඉදිරි අදියරයන් යටතේ මාමඩුව සිට රඹවෙට්ටිය දක්වා දෙවන අදියර ද, රඹවෙට්ටියේ සිට බෝගස්වැව දක්වා තෙවන අදියර ලෙස මාර්ග සංවර්ධනය සිදු කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය හරහා ගම්මාන 18කට අයත් පවුල් දස දහසකට අධික සංඛ්‍යාවකට සෘජු ප්රතිලාභ හිමිවේ. මෙය ප්‍රදේශයේ ග්‍රාමීය ආර්ථිකය, වෙළඳාම සහ ගමනාගමන පහසුකම් ඉහළ නැංවීමට විශාල පිටුවහලක් වනු ඇත.
සමාරම්භක අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ජගදීස්වරන් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.
















