රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව කියන චෝදනා මත, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද (15) අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන අතර, ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
















