සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසිච් මහතා පසුගියදා කියෙව්හිදී පැවති ගිනිකොනදිග යුරෝපය සහ යුක්රේනය අතර සමුළුවට සහභාගී වෙමින් යුක්රේනයට අඛණ්ඩව මානුෂීය ආධාර ලබා දෙන බවට පොරොන්දු විය. මූල්‍ය, වෛද්‍ය සහ බලශක්ති ආධාර මෙන්ම යුද්ධයෙන් හානියට පත් නගරයක් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට ද ජනාධිපතිවරයා එකඟ විය.
කෙසේ වෙතත්, මෙම සමුළුවේදී යුක්රේනයට මිලිටරි සහ ආරක්ෂක සහයෝගය ලබා දීම සහ රුසියාවට එරෙහිව පීඩනය වැඩි කිරීම සම්බන්ධයෙන් නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශනයට අත්සන් තැබීම සර්බියාව ප්‍රතික්ෂේප කළේය. රුසියාව සර්බියාවේ ප්‍රධාන ස්වභාවික වායු සැපයුම්කරු වීම සහ එරට තෙල් සමාගම් රුසියානු ආයෝජන යටතේ පැවතීම මෙම ස්ථාවරයට බලපා ඇති ප්‍රධාන කරුණකි.
සර්බියාව රුසියාවට එරෙහි බටහිර සම්බාධකවලට එක්වීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කරන අතරම, යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව සහ එරට යුරෝපා සංගම් අපේක්ෂාවන්ට සහාය පළ කරයි. රුසියාව සහ බටහිර රටවල් අතර පවතින දේශපාලන උණුසුම මධ්‍යයේ සර්බියාව මෙලෙස සිය මධ්‍යස්ථභාවය ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















