ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන් එක්ව පෙරේදා (14) මුලතිව්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමකදී නීතිවිරෝධි මත්පැන් බෝතල් 5,575ක තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නැඟෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික ගෝඨාභය ආයතනය වෙත ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකරු මුලතිව් ප්‍රදේශයේම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ නීතිවිරෝධි මත්පැන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මුලතිව් සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.
















