ඉරාන හමුදාව විසින් කුවේටයේ අලි අල් සලෙම් ගුවන් කඳවුර, බහරේනයේ ෂෙයික් ඊසා කඳවුර සහ ජෝර්දානයේ අස්රක් ගුවන් කඳවුරේ ස්ථාපිත ඇමරිකානු හමුදා රේඩාර්, සන්නිවේදන සහ ගුවන් ආරක්ෂක පද්ධති ඉලක්ක කර ගනිමින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. ඉරානය පවසන්නේ මෙම ප්‍රහාර ඔවුන්ගේ බම්පූර් බැරැක්කයට එල්ල වූ ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාරයක් ලෙස දියත් කළ බවයි.
ජෝර්දාන හමුදාව විසින් තමන් වෙත එල්ල වූ ඉරාන මිසයිල අටක් සාර්ථකව ව්‍යර්ථ කළ බව තහවුරු කර ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම ප්‍රහාර මාලාව හේතුවෙන් මෙතෙක් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.
















