ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වීම හේතුවෙන් අද (16) දින ඩොලරයක විකුණුම් මිල රුපියල් 341 සීමාව ඉක්මවා ගොස් තිබේ.ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය දත්ත වාර්තා අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 341.08ක් ලෙස සටහන් විය. මෙහි ගැනුම් මිල රුපියල් 331.67ක් ලෙස දැක්වේ. ඊයේ (15) දින ඩොලරයක විකුණුම් මිල රුපියල් 340.92ක් ලෙස වාර්තා විය.














