ජා-ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ ඔවුන්ගේ භාරකරුවන් ඉලක්ක කරගනිමින් මානසික සෞඛ්‍ය සංවර්ධන වැඩසටහනක් පසුගියදා (14) පැවැත්විණි.
ජා-ඇල ප්‍රාදේශීය ලේකම් නිලංගා ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි. ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
















