කොත්මලේ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, පංච මහා විහාරාධිපති, සද්ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය, ප්‍රවීනාචාර්ය නියංගම්දොර පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු කොත්මලේ නව නගරය මහජන ක්‍රීඩාංගණයේදී පසුගිය (15) දින පස්වරුවේ සිදු කෙරිණි.
1947 වසරේ දෙසැම්බර් මස 21 දින උපත ලද උන්වහන්සේ, වසර 79ක් ආයු වළදා 2026 ජූලි මස 13 දින අපවත් විය. අපවත් වන විට අඹතලාව ප්‍රඥා ප්‍රදීප පිරිවෙන් විහාරස්ථානයේ පරිවේනාධිපති සහ කොත්මලේ සාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ධුරය හොබවමින් උන්වහන්සේ සසුනට විශාල මෙහෙවරක් ඉටු කළහ.
මෙම අවස්ථාව සඳහා මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්හි මහා සංඝරත්නය වැඩම කර සිටි අතර, අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මංජුල සුරවීරආරච්චි සහ අනුෂ්කා තිලකරත්න යන මහත්ම මහත්මීන් සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
















