හෝමාගම, සිංහඅරණ මාර්ගයේ ඇළ මාර්ගයක් අසල තිබී ඊයේ (16) සොයාගත් මළ සිරුර සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත්තේ එය ගෙල කැපීමෙන් සිදුකළ මනුෂ්‍ය ඝාතනයක් බවයි.
මියගොස් ඇත්තේ හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි දෙදරු පියෙකි. මොහු ඇඟලුම් ආයතනයක සේවය කරන අතරතුර අර්ධකාලීනව ‘PickMe’ කුලී යතුරුපැදි රියදුරෙකු ලෙස කටයුතු කර තිබේ.
පෙරේදා (15) රාත්‍රියේ කුලී ගමනක් ගොස් සිටියදී මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී තහවුරු වී ඇත. සැකකරුවන් විසින් මියගිය අයගේ යතුරුපැදිය, රන් මාලය, ජංගම දුරකථනය සහ මුදල් පසුම්බිය කොල්ලකා පලාගොස් ඇති අතර, සැකකරුවන් මෙතෙක් හඳුනාගෙන නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















