හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
අද (17) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට සැකකරුවන් තිදෙනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහේස්ත්‍රාත්වරයා විසින් ඔවුන් එළැඹෙන ජූලි 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය.
















