පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදන මිලකරණ සූත්‍ර සහ ඒ ආශ්‍රිත දත්ත පිළිබඳව මහජන උපදේශන ක්‍රියාවලිය ආරම්භ වී තිබේ. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම පියවර ගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට කොමිෂන් සභාව විසින් හඳුන්වා දී ඇති දුරකථන අංකය ඇමතීමෙන් උපදේශන සැසි සඳහා කාලසටහන් වෙන්කරවා ගැනීමේ පහසුකම සලසා ඇත.
මෙම මහජන උපදේශන සැසිය ජූලි 22 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.
















