සුරතල් සතුන් ඇති කිරීම අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන අතර, වීදිවල සිටින සතුන්ගේ ජීවිත සුරැකීම සැමගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
ඇය මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන “PET EXPO 2026” ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි. ශ්‍රී ලංකා සුරතල් සත්ත්ව පශු වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේදී, වීදි සතුන්ගේ සුරක්ෂිතභාවය සහ සුභසාධනය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා “ආලෝකා” නමින් විශේෂ ප්‍රදර්ශන කුටියක් වෙන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරිය විසින් මෙම කුටිය නිරීක්ෂණය කළ අතර, එහිදී වීදි බලු පැටවෙකු රැකවරණය සඳහා සුදුසු ඉල්ලුම්කරුවෙකු වෙත නිල වශයෙන් භාර දෙමින් “ආලෝකා” කුටියේ කටයුතු නිල වශයෙන් ආරම්භ කරන ලදී.














