ගොවියා සහ පාරිභෝගිකයා යන පාර්ශව දෙකටම සාධාරණ වන පරිදි සියලු අදහස් සලකා බලා තීරණය කළ වී සහතික මිල කිසිසේත් වෙනස් නොකරන බව අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
මහනුවරදී පැවති මධ්‍යම රජයේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙහිදී රටක් ගොඩනැගීම සඳහා රාජ්‍ය සේවය වෙනස් විය යුතු ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.














