අද (19) උදෑසන රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන තිබේ.
දෙහිවල ගිනි නිවන ඒකකයට අනුව, අදාළ නිවාස සංකීර්ණයේ දෙවන මහලේ මෙම ගින්න ආරම්භ වී ඇත. සිද්ධිය සැලවූ වහාම දෙහිවල ගිනි නිවන ඒකකයේ ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොදවා ඇති අතර, මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබේ.
















