වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාලනයක් නොතිබුණේ නම් ශ්‍රී ලංකාව මීට වඩා අතිශය බරපතළ හා අයහපත් තත්ත්වයකට ඇද වැටීම අනිවාර්ය වනු ඇති බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘Miracle Dome’ දෙව් මැදුරේ පැවති දේව මෙහෙයක් අතරතුර සිය අනුගාමිකයන් අමතමිනි. ජනාධිපතිවරයා ඉතා සෘජු ලෙස තම කාර්යභාරය ඉටු කරන බව අවධාරණය කළ දේවගැතිවරයා, ඔහුගේ දේශපාලන ශෛලියට ඇතැමුන් අකමැති වුවද ඔහු සෘජු පුද්ගලයෙකු බව සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය ක්‍රිකට් ක්‍රීඩාවට උපමා කරමින් ඔහු පැවසුවේ ජනාධිපතිවරයා ඉතා කෙළින් පන්දුවට පහර දෙන බවයි.
දේශපාලනය පුද්ගලික ජීවිතයට අහිතකර ලෙස බලපෑම් නොකිරීම සඳහා දේශපාලනඥයන් වෙනුවෙන් යාඥා කළ යුතු බව පෙන්වා දුන් දේවගැතිවරයා, ලෝක දේශපාලනයේ පවතින ගැටුම් හමුවේ වුවද සාමාන්‍ය ජනතාවට තම දෛනික ජීවිතය සාමකාමීව පවත්වාගෙන යාමට හැකි විය යුතු බව අවධාරණය කළේය. ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් උදාහරණයට ගත් ඔහු, එවැනි දේශපාලන අර්බුදවලට මැදි නොවී සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව තිබිය යුතු බව වැඩිදුරටත් කියා සිටියේය.
















