අද (19) පස්වරුවේ ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමිය තුළ සිදුවූ වෙඩි තැබීමෙන් ඉලක්ක වී ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “සැන්ඩෝ” නැමැත්තාගේ පියා බව පොලිසිය පවසයි.
දෙහිවල, ඕබන් සයිඩ් ධීවර නිවාසවල පදිංචිකරුවෙකු වූ මෙම පුද්ගලයා වෙත වෙඩි තබා ඇත්තේ පස්වරු 3.25ට පමණ ය. මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් සුසාන භූමිය වෙත ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදු කර පලා ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














