පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිවාස පහසුකම් නොමැති පවුල් 115ක් සඳහා රුපියල් ලක්ෂ 1,150ක වටිනා නිවාස ආධාර ලබා දීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ “තමන්ගේම තැනක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මේ වසර තුළ දිවයින පුරා නිවාස දසදහසක් ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක මහා පරිමාණ වැඩපිළිවෙළට සමගාමීවය.
මෙම නිවාස ආධාර බෙදාදීමේ විශේෂ උත්සවය නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැත්විණි. මෙම වැඩසටහනේ පවතින සුවිශේෂීම කරුණ වන්නේ රජය මඟින් ලබාදෙන මෙම මූල්‍ය ආධාර ප්‍රතිලාභීන්ගෙන් යළි අයකර නොගැනීමයි.
කෙසේ වෙතත්, මෙම ආධාර ලැබෙන ප්‍රතිලාභී පවුල් විසින් තමන්ගේම ශ්‍රම දායකත්වය උපයෝගී කරගනිමින් නිවාස ඉදිකර ගැනීමේ වගකීම පැවරේ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.













