කන්තලේ පාසලක 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 22 දෙනෙකු මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ බීජ වර්ගයක් අනුභව කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.රෝහල්ගත කළ සිසුන් අතරින් සිව්දෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.
















