ඩෙංගු අධි අවදානම් ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ මදුරු කීටයන් බෝ වන ස්ථාන දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති බව ගොතටුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.
ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, යුද හමුදාව සහ ප්‍රදේශයේ සිවිල් සංවිධාන එක්ව දිනපතා මෙම මෙහෙයුම් සිදු කරන අතර, අවිධිමත් ලෙස ගරාජ් වැනි වැඩබිම් තුළ ඉවත දමන ලද ටයර් සහ භාජන හේතුවෙන් මදුරු කීටයන් බෝ වන ස්ථාන රැසක් හඳුනාගෙන තිබේ. එහිදී අයිතිකරුවන්ට සහ සේවකයන්ට දැඩි අවවාද කරමින් නඩු පැවරීමටද කටයුතු කර ඇත.
















