ගනේමුල්ල පොලිස් වසමට අයත් බොල්ලත ප්‍රදේශයේ නිවසක මිදුලේ නවතා තිබූ යතුරුපැදියක් යම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් තිබේ.
ඉකුත් 17 වන දින රාත්‍රී 1.00 ට පමණ නිවසේ හිමිකරු පැමිණ යතුරුපැදිය නවතා නිවසට ගොස් ස්වල්ප වෙලාවකට පසු මෙම සොරකම සිදුව ඇති අතර, යතුරුපැදිය තුළ තිබූ මුදල් පසුම්බියද රැගෙන ගොස් එහි තිබූ ක්‍රෙඩිට් කාඩ්පත භාවිතයෙන් දළුගම ප්‍රදේශයේ ඒ.ටී.එම්. (ATM) යන්ත්‍රයකින් රුපියල් 20,000ක මුදලක්ද ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. මේ පිළිබඳව ගනේමුල්ල පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත මේ වන විට සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.
















