ඉන්දියාව සිය පළමු ඩෙංගු එන්නත අනුමත කර ගෙන ඇති අතර, ඒ අනුව ඉන්දියාවේ ඖෂධ පාලක ජෙනරාල් විසින් ‘QDENGA’ එන්නත භාවිතය සඳහා අවසර ලබා දී තිබේ. මෙම එන්නත වයස අවුරුදු 4 සිට 60 දක්වා පුද්ගලයින් සඳහා අනුමත කර ඇති අතර, මීට පෙර ඩෙංගු වැළඳී තිබුණද නොතිබුණද මෙය ලබා ගත හැකිවීම සහ පූර්ව එන්නත් පරීක්ෂාවක් අවශ්‍ය නොවීම විශේෂත්වයකි.
මිලිලීටර් 0.5ක එන්නත් මාත්‍රා දෙකක් ලෙස මාස තුනක කාලයක් තුළ ලබා දෙන මෙම එන්නත 2022 සිට රටවල් 43ක අනුමත කර ඇති අතර, ගෝලීය වශයෙන් මාත්‍රා මිලියන 32කට වඩා බෙදා හැර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ව සුදුසුකම් ද ලබා ඇති මෙම එන්නත සඳහා අනුමැතිය හිමිවීම ඩෙංගු පාලනය සඳහා ඉන්දියාව තැබූ දැවැන්ත පියවරක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














