ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ දේශීය රසයන් සහ දීර්ඝකාලීන ආහාර සංස්කෘතිය ඉන්දීය ජනතාව අතරට ගෙන යාමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ශ්‍රී ලාංකේය ආහාර උළෙලක් (Sri Lanka Food Festival) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී සාර්ථකව පැවැත්වේ.
නවදිල්ලි නුවර Pullman New Delhi Aerocity හි පිහිටි ‘Farmers’ Basket at Pluck’ පරිශ්‍රයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, පසුගිය ජූලි 17 වනදා ආරම්භ වූ මෙම ආහාර උළෙල එළඹෙන ජූලි 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
ආප්ප, කොත්තු රොටි, දේශීය ව්‍යාංජන, නැවුම් මුහුදු ආහාර සහ සාම්ප්‍රදායික සම්බෝල ඇතුළු ශ්‍රී ලාංකේය රසමසවුල් රැසක් මෙහිදී ඉන්දීය පාරිභෝගිකයින් වෙත පිරිනැමෙන අතර එමගින් ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියට ඉන්දියාව තුළ ඉහළ ප්‍රතිචාරයක් හිමිව ඇත.
















